හැඳින්වීම

2013 අංක 01 දරණ දිවි නැගුම පනත මඟින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කරනු ලැබ ඇත. මෙම දෙපාර්තමේන්තුව පිහිටුවීමේ ප්‍රධානතම අරමුණ වනුයේ, පුද්ගලයා, පවුල, කණ්ඩායම සහ ප්‍රජාව කේන්ද්‍ර කර ගත් ජීවනෝපාය ආර්ථික සංවර්ධන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම තුලින්, දිළිඳුබව තුරන්කිරීම සහ සමාජ සාධාරණත්වය සහතික කරනු ලබන සමාජයක් බිහි කිරීමයි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි සංවර්ධන වැඩසටහන යටතේ, දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුල පහත පරිදි, ප්‍රධාන සංවර්ධන වැඩසටහන් 10 ක් ක්‍රියාත්මක කරනු ලැබේ.

  • ජීවනෝපාය සංවර්ධන වැඩසටහන.
  • අලෙවි ප්‍රවර්ධන වැඩසටහන.
  • සමාජ සංවර්ධන වැඩසටහන.
  • ප්‍රජාමූල සංවිධාන වැඩසටහන.
  • තොරතුරු තාක්ෂණ වැඩසටහන.
  • පුහුණු හා ධාරිතා සංවර්ධන වැඩසටහන.
  • මාධ්‍ය වැඩසටහන.
  • ප්‍රජාමූල බැංකු වැඩසටහන.
  • සමාජ සුභසාධන වැඩසටහන.
  • සමාජ ආරක්ෂණ වැඩසටහන.

ආයතන නිල වේබ් අඩවියට යෑම සදහා මෙහි ක්ලික් කරන්න

FaLang translation system by Faboba