Towards a country of Integrity 2025.04.09
Towards a country of Integrity
2025.04.09 දින අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව විසින් දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2026) එළි දැක්වීමේ ජාතික උත්සවයට සමගාමීව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය තුළ අභ්‍යන්තර කටයුතු ඒකකය දියත් කිරීමේ වැඩසටහන අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ නිලධාරීන් සුපිරිපන්න නිලධාරීන් ඇතුළු සියලු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.
Interal Affairs Unit (IAU)
අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය විවෘත කිරීම අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.06.04 දින සෙත්සිරිපාය දෙවන අදියර පළමු මහලේ එම අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කරන ලදී.
2025 -2029 අල්ලස් හා දූෂණ වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම අනුව රාජ්‍ය ආයතනවල සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මෙම අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම සිදු කරන අතර, ආයතනය තුළ අල්ලස් හා දූෂණ අවම කිරීම හා සුපිළිපන් බව ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
මෙම ඒකකය වෙත රාජ්‍ය නිලධාරීන්ගේ අල්ලස්, දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව ලිඛිතව හෝ වාචිකව පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, අමාත්‍යාංශය තුළ ස්ථාපිත කර ඇති පැමිණිලි පෙට්ටිය තුළට බහාලීමට හෝ 070-7187073 දුරකථන අංකය වෙත ඇමතීමෙන් හෝ WhatsAPP පණිවිඩයක් යොමු කිරීම මඟින් හෝ iau.mrsc@gmail.com විද්‍යුත් තැපෑලට යොමු කිරීම මඟින් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.